General24 October 2015

කලාශිල්පී ක්‍රිස්ටි ලෙනාඩ්ගේ අවසන් කටයුතු සඳුදා

ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ක්‍රිස්ටි ලෙනාඞ් පෙරේරාගේ දේහය පිළිබඳ  අවසන් කටයුතු අනිද්දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. මේ වනවිට ඔහුගේ දේහය මාලිගාවත්තේ නිවසේ තැන්පත් කර ඇති බවයි ඥාතීන් ප්‍රකාශ කළේ.

කුල්ලෙන් පොලා පොලා, අම්ම කියා කියත හැකි.. වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කළා.

එසේම ස්ත්‍රිය, චන්ඩියා.. රඟපෑ  චිත්‍රපට අතර ප්‍රධානයි.

ක්‍රිස්ටි ලෙනාඩ්  පෙරේරා මියයන විට 83 වන වියේ පසුවුණා.

Related recommendation
Hiru TV News | Programmes